À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා

A+ A-

හතත් පහුවෙලා තියෙද්දි වලව්වට ආපු මම ඇග පත ටිකක් සෝදගෙන පොඩි හාමුගේ කාමරේට යන්න ගියත් මන් නැවතුනේ එතැන ලොකු මැණිකෙගෙයි ලොකු හමුගෙයි කතාව නිසා.

” නැන්දේ පොඩි බේබී ආවේ නැද්ද මේ පැත්තට “

” නෑ කොල්ලෝ. බේබී කාමරේ ඇත්තේ.  අන්න කොල්ලෝ උබේ බත් එක වහලා තියෙන්ටේ කාලා හිටහන් “

කමනි නැන්දා බත් එක පෙන්නුවට පස්සේ කුස්සියේ බංකුව උඩ ඉදගෙනම කන්න පටන් ගත්තේ කොයි වෙලේ හරි බේබී හාමුත් කුස්සියට එයි කියලා හිතලා.

මයෙ කාමරේ අස් පස් කරලා වෙලාව බලද්දීයි දැක්කේ දැන් දහයත් පහු වී ගෙන එන්නෙ කියෙලා. මන් ඇදෙ තිබ්බ මයෙ කමිසෙත් ඇද ගෙන ලයිට් එක නිමන්න ගියත් මට ඇහුනේ මයෙ දොරට ගහන සද්දයක්.

” ල් ලොකු හා මූ ”

දොර ඇරියත් හරි මට මොකුත් හිතා ගන්න බැරිව ගියේ දොර ළග හිටන් ඉන්න ලොකු හාමුව දැකලා.

” කොල්ලෝ මයෙ කකුලේ කට්ටක් ඇනිලා නොවෑ අරන් දාපන්කෝ. මයෙ මැණිකෙත් ගන්න හැදුවා හැදුවා බැරි වුනා කොල්ලෝ. ඉන්ට බෑ මයෙ කකුලම ඇදුම් කනවා “

ලොකු හාමුගේ මූණ දැක්ක හැටියේ පේනවා එයා ඉන්නේ වේදනාවෙන් කියලා.  මන් හාමුට ඇතුළට එන්න කියන්නත් කලින් නොන්ඩි ගගහා ආපු ලොකු හාමු ඇදෙන් ඉද ගෙන කකුල පුටුවක් උඩ තියා ගෙන මට‍ කට්ට ඇනිච්ච තැන පෙන්නුවා.

” ඇතුළටම ගිහිල්ලා වගේ හාමු. හැට්ට කට්ටෙන් තමයි හාරලා අයින් කරන්න වෙන්නේ “

කට්ට ඇතුළටම ගිහිල්ලා ඒ පැත්තම රතු ගැහිලා. මන් හැට්ට කට්ට අරන් කට්ට එතැන්ට තද කරත් හරි ලොකු හාමුට කෑ ගැස්සුනා.

” අ හා හෙමි න් කොල්ලෝ  “

මන් හැට්ට කට්ට ඇතුළට දදා කට්ට හෙමින් හෙමින් අදින ගානට ලොකු හාමු කෙදිරි ගානවා.

” අ à·„à·Š කොල්ලෝ දැන් නම් බෑ රිදෙන වා”

ලොකු හාමුගේ කාටහඩත් ගොර හැඩි වෙලා වගේ. සෙම් අමාරුව නිසා වෙන්නැති.

” තව ටික… “

” දඩස් “

මට ඉතිරි ටික කියා ගන්න හම්බුන්නෑ ඇරපු දොරෙන් මන් දැක්කේ ඇසුත් රතු කරන් ඉන්න පොඩි බේබී හාමු.  පොඩි බේබීව දැක්ක හැටියේ මට වඩා පුදුම වුනේ ලොකු හාමු.

” පොඩි උබ මොකද මේ… “

මන් හැට්ට කට්ට ඇදෙන් තියෙලා ඉදගෙන ඉන්න තැනින් නැගිට්ටේ ලොකු හාමුත් පුටුවේ උඩ තියන් හිටපු කකුල අරන් බේබී දිහා බලද්දී.

” අ ප්පච් චි ම් මේ ඇයි කෙ දිරි ගෑවේ “

පොඩි බේබී ඒක අප්පච්චිට කිව්වා වුණත් එයාගේ ඇස් තිබ්බේ මයෙ ළග. මන් හිතන්නේ පොඩි බේබී හිතලා තියෙන්නේ වැරදි විදිහට වගේ.

” මොකෑ උබ ගොත ගහන්නේ.. අනික උබ මොකටද කියාපන් බලන්න මුගේ කාමරේ අස්සට රිංගුවේ ආ……. “

පොඩි බේබිගේ වැඩ නිසා ලොකු හාමුටත් දැන් සැක හිතෙන්න ඇති.

” කෙදිරි ගාන සද්දයක් නිසා මන් මේ හිතුවේ කරදරයක්වද්ද කියලා අප්පච්චි”

” මයෙ කකුලේ කට්ටක්‌ ඇනිලා දැන් තමයි අයින් කර ගත්තේ පොඩි. මන් ඒත් බැලුවේ උබ මේක අස්සට රිංගුවේ ඇයිද කියලා “

” මන් යනවා කොල්ලෝ. උබත් යමන් පොඩි නිදා ගන්න “

ලොකු හාමු නොන්ඩි ගගහා යනකොට බේබී හාමුත් එයාගේ පස්සෙන් ගියේ මටත් ඔරවගෙන. මන් එනකම් වත් හාමු බලන් ඉන්නැති නිදා ගන්නෙවත් නැතුව. මයෙ දෙයියනේ ඔයින් ගියා මදැයි. මාත් ලයිට් එක නිවලා ටික වෙලාවක් ඉදලා දොරත් ලොක් කරගෙනම ගියේ පොඩි බේබිගෙ කාමරේට.

” ඇයි මන් ගැන එහෙම හිතුවේ ම් . මන් මයෙ හාමුට බොරුවක් කරනවා කියෙලද හිතන්නේ ආ ”

ගුලි ගැහිලා නිදන් ඉන්න බේබී ළගට ගිහින් මන් එහෙම මිමිනුවේ ඒ හිසකෙස් අතරට ඇගිලිත් ගෙනියන ගමන්. මුලදී බේබීගෙ වැඩේට මට හිනා ගියත් පස්සේ මට දුක හිතුනා බේබී මන් ගැන හිතපු විදිහට.  මන් එහෙම කියෙලා ලොකු හුස්මක්‌ පාත දාලා මයෙ බේබී හාමු දිහා බලන් හිටියේ එයා මොනවම හරි කියනකම්.  ඒත් එයා නෙවෙයි හෙල්ලුනේ වත්.  නින්ද වත් ගිහිල්ල ඇති මෙලහකට .   එයාවත් තුරුලු කරන් ඇස් පියා ගන්න හදනකොටම මයෙ පැත්තට හැරුණු බේබී හාමු එයාගේ අත් කකුල් වලින් මාව වෙලා ගත්තා.

” මන් බය වුනා “

” බය වෙන්නේ මන් ගැන අරහෙම හිතපු නිසානෙ “

මන් ඒ බෙල්ල සිප ගෙන හෙමින් හෙමින් මයෙ දිව ඒ බෙල්ලෙ ඉදන් පහළට අරන් ඇවිත් ඒ පපුවේ නැවතුනේ එයාගෙ නිය පොතු වලින් මයෙ පිට තද වෙද්දී. 

මන් උදේ ඇස් ඇරියේ පොඩ්ඩා මයෙ ළගට ඇවිල්ලා මූණට තට්ටු කරද්දි.  පොඩි බේබී පැටියා නිදන් ඉන්න තැනට ගිහිල්ලා නිදා ගෙන හිටියේ මුළු සර්වාන්ගෙත් එළියේ දාගෙන වෙද්දී මට‍ පැටියා දිහා බැලුනෙ ඉබේටම වගේ. එයාට මෙලෝ ගානක් වත් නැතිව මයෙ ඇග උඩ නැගන් ඔහේ ඔලුව තියන් හිටියේ එයාගේ පුංචි අතින් මයෙ පිටට තට්ටුත් කර කර.  පැත්තක තිබ්බ ෂීට් එකත් ගත්තු මන් යට කොටස වැහෙන්න ෂීට් එක ඇගට දාලා
නැගිට්ටේ පැටියත් මයෙ කරට නගිද්දී.

කුස්සියේ පැත්තට යද්දි මුළු කුස්සියම සුවදින් වෑහිලා තිබුනා වගේම මන් දැක්කේ ලොකු මැණිකෙව. පැටියව කරේ තියා ගෙන ආපු මාව දැක්ක හැටියේ ලොකු මැණිකේ මයෙ දිහා බලලා අනම් මනම් කිව්වේ කේන්තියෙන්.

” මොකද මේ උබලා දෙන්නා ඔය විදිහට ඔහොම ඉන්නේ.  “

මේ උදේ පාන්දරම මැණිකේ කුස්සියේ ලැගන් මොකට ඉන්නවද මන්දා.  දැන් දියන්කෝ උත්තර.

” ම් මේ මන් එද්දි චූටි බේබී මයෙ ළග හිටියා ලොකු මැණිකේ “

“   ළග හිටියා කියලා කරේ තියන් ඉන්ට ඕනී යෑ ඕකව බිමින් තියාපන්. ගොත ගැහෙනවා මදිවට පස්සේ ඕකට ඇවිද ගන්නවත් බැරි වෙයි “

මේ නාකි ගෑණි මොන කුහක කමක් තියන් ඉන්නවද දන්නෑ මේ කිරි සප්පයා එක්කලා.  පව් මේ පැටියට මේ වලව්වෙන් ඉන්නේ එයාගේ අප්පච්චියි මායි විතරයි.

ලොකු මැණිකේ පැටියටත් ඔරවන් කුස්සියේ පැත්තෙන් ගියා විතරයි පැටියව චූටි ලී පුටුවෙන් වාඩි කරෝපු මන් ගියෙ කමනි නැන්දා ළගට.

” නැන්දේ ලොකු මැණිකේ ඇයියෙ පොඩි එකාට අරියාදුකම් කරන්නේ “

” ශ් ශ් කට කොල්ලෝ. අහලා ඇතිනේ බිත්ති වලටත් කන් තියෙනවා කියලා ”

වට පිට බලපු කමනි නැන්දා හොද්දත් බාලා අත් දෙක චිත්තේ පොටෙන් පිහ දදා වට පිට බැලුවේ කවුරු හරි එයි වගේ.

” මන්දා කොල්ලෝ චූටි බේබී ගොත ගහනවා කියලා දැන ගත්ත දවසේ ඉදන් ලොකු මැණිකෙ ඒ පොඩි එකාට අරියාදු කරනවා. අනික පොඩි බේබිගේ මැණිකේ මැරිලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ ඉහල පෙලේ වලව් වලින් පොඩි බේබිට යෝජනා ආවත් බේබී කැමති වෙලා නෑ. ඉතින් ලොකු මැණිකේ හිතන් ඉන්නේ පොඩි එකා නිසා බේබී කැමති නෑයි කියෙලා කොල්ලො. මන් දැනට දන්නේ ඔච්චර තමයි කොල්ලෝ “

කමනි නැන්දා එහෙම කියෙලා ආයේ කිරි උණු කරන්න ගද්දි මන් ගියේ පුටුවෙන් බැහැලා පූස් තඩියා අල්ල අල්ල ඉන්න නුරාද ළගට.  එහෙන්ම කොල්ලව උස්සලා ගත්ත මන් කොල්ලවත් තුරුල් කරන් පුටුවෙන් ඉද ගත්තේ කමනි නැන්දා කිරි එක උණු කරලා ඉවර වෙනකම්.

” කොල්ලෝ ඩිංගකට පොළට ගිහිල්ල එන්නකෝ. ගුණේ ලොකු හාමු එක්කලා හන්දියට ගිහිල්ලා නෙ “

අද ඉරිදා දවස නිසා අපෙ ගමේ පොළ. මන් එළියට වෙලා සටහන් ටිකක් ලිය ලිය ඉද්දී එතැන්ට ආවේ කමනි නැන්දා මල්ලකුත් උස්සන්.

” ආ කොල්ලෝ ගේන්න ඕනී බඩු ටිකයි සල්ලියි මල්ල ඇතුළේ ඇති “

” හරි නැන්දේ. මේ පොඩි බේබි මාව එහෙම හෙව්වොත් කියන්න එහෙනම් මන් පොළට ගියා කියලා “

එහෙම කියලා මන් මල්ලත් අරන් නැගිට්ටේ යන්න කියලා හිතන් වුණත් මන් දැක්කේ ඈත තියාම එන පොඩි බේබීව.

” ඔය මල්ලත් තියන් කොහෙද යන්නේ “

මයෙ අතේ තිබ්බ මල්ල දිහාට බැල්මක් දීලා එහෙම අහද්දී මන් කිව්වේ පොළේ යනවා කියලා විතරයි බේබී කරේ මට පොඩ්ඩක් ඉන්න කියලා ආයේ අනිත් පැත්ත හැරිලා දිව්ව එක. ඇයියේ දන්නෑ පොඩ්ඩක් ඉන්න කිව්වේ.

” නුරාද තනියම තියෙලා ආවේ අපරාදේ බේබී “

බේබී අනිත් පැත්තට දුවගෙන ගිහිල්ලා තියෙන්නේ මාත් එක්කලා පොළේ යන්න ඕනී නිසා ඇදුමක් දාන් එන්නයි.

” කමනි නැන්දා ඉන්නවා නිලූෂ. මට කන්න මොනා හරිත් ගන්ට ඕනී “

මටත් නම් දැන් හපන්න මොනා හරි තිබ්බොත් හොදයි කියලා තමයි හිතෙන්නේ. විටක් වත් කකා එන්නයි තිබ්බේ.

” නිලූ අයියේ……. “

බේබී මල්ල අතේ තියන් කැරකි කැරකි ඉද්දී  නැවී ගෙන රතු ලූණු තෝර තෝර හිටපු මට ඇහුනේ කව්දෝ කතා කරන හඩක්. බැලින්නම් සපුමල් පොළට ඇවිල්ලා එළවලු විකුණනවා.

” කව්ද අප්පේ ඒ “

” සපුමල් බේබී.   අපි එක්කලා වත්තේ වැඩ කරන කෙනෙක් “

සපුමල්ගෙනුත් එළවලු ටිකක් ගත්තු මායි පොඩි බේබියි ඊලගට ගියේ කන්න මොනා හරි ගන්න.   පොඩි බේබී හැලප ටිකක් ගද්දි මන් ගත්තේ කරස් කුරුස් ගාලා හැපෙන දීග මුරුක්කු මල්ලක්. පැටියට නම් අයිස්ක්‍රීම් පෙට්ටියක්‌ ගත්තා.

” නිලූෂ “

” ම් “

” කොහේ හරි ඇවිදින්න යමුකෝ “

පොළේ ඉදන් ආවත් හරි වලව්වට යන්න තියෙන අඩි පාරට හැරෙද්දී පොඩි බේබී ඉස්සරහට නොයා නතර වුනේ මාත් එයා දිහා බලද්දියි.

” ලොකු හාමු දැන ගත්තොතින් බේබී මා එක්කලා ආවයි කියෙලා එයා මොනා හිතාවිද බේබී. ඒ නිසා විජහට වලව්වට යන එක අපි දෙන්නටම හොදයි බේබී ”

මන් එහෙම කියෙලා ආයේ ඉස්සරහ බලන් බඩු මල්ලත් අරගෙන යන්න යද්දි ළගට ආපු බේබී හාමු අල්ල ගත්තේ මයෙ අනිත් අත. කවුරුහරිම දැක්කොත් බේබී තේ වත්තේ වැඩ කරන කොල්ලෙක්ගෙ අතින් අල්ලන්න යනවා කියලා ගමම ගිනි තියයි.

” කවුරු හරිම දැක්කොත් විනාසයි “

මන් බේබිගේ අතත් මිරිකලා වටපිට බලපු මන් එහෙම කියලා බේබිගේ කම්මුලට හාද්දක් දුන්නේ එයත් වටපිට බලද්දී.

” සත්සිදු…  අපිට අනිත් අය වගේ නිදහසේවත් පෙම් කෙලින්න වෙන්නෑනේ “

ඔන්න ඔන්න බේබී ආයේ මූණ එල්ලන් මයෙ දිහා බලන් එහෙම කියද්දී මටත් ලොකු හුස්මක් පිට වුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

” පොඩි උබ මේක අහලා කලබල වෙන්න එපා ඔන්න. උබනේ අයියගෙන් පස්සේ මේ වලව්වේ ලේ උරුමක්කාරයා.  මාත් මෙහෙම එක විදිහට හැමදාම ඉන්නෑ නේ බන්.  මන් මේ දවස් ගානක ඉදලයි කල්පනා කරලා බලලා මේ තීරණය ගත්තේ “

අප්පච්චි මොන තීරණයක්‌ ගන්න යනවද මන්දා. මගුල් තුලා නැතුව ඕන එකක් අප්පච්චි.

” මේ වලව්වයි වලව්වේ වතු කෑලි දෙකයි තේ වත්තයි පොල් වත්තයි මන් උබේ නමට හරවන්න කියලා බැලුවේ “

” මොකා….ක්‌ “

මේ මොන කරදරයක්ද මයෙ ඔලුවට කඩාගෙන වැටෙන්න යන්නේ. අප්පච්චිගෙ වලව්වයි වතු ටිකයි මයෙ නමට හැරෙව්වා කියන්නේ මේ කපේට මට‍ මයෙ නිලූෂ එක්කලා පවුල් කන්න වෙන්නෑ. මේ වලව්වෙම ඉපදිලා මේ වලව්වෙම මැරිලා යන්නයි වෙන්නේ.

” මොනාද උබ ඔයහැටි කල්පනා කරන්නේ. වෙන ළමයි නම් කොච්චර සතුටු වෙනවද එයාලට මෙච්චර ලොකු දේපලක් ලැබෙද්දී .  මට‍ නම් පෙන්නේ උබ මූණත් නිකන් කළු වෙලා වගේ වුනා කියලනේ “

” අප්පච්චි අයියනේ නියම උරුමක්කාරයා. එයාට දෙන්නකෝ අප්පච්චි ඉතින් “

“  පොඩි මමයි මයෙ දේපල ටික ඊලගට භාර දෙන්නේ කාටද භාර නොදෙන්නේ කාටද කියන කෙනාව තෝර ගන්නේ නැතුව වෙන උන් නෙවෙයි “

ඇයි මේ අප්පච්චි හදිස්සියේම මට‍ මේ ටික ඔක්කොම භාර කරන්න හදන්නේ අයියට පොඩිම කොටසක් වත් නැතුව.
මන් ගියේ මයෙ කාමරේට. මේවා කල්පනා කරන්න ගත්තොත් නම් මයෙ ඔලුවට නිදහසක් ඇත්තෙම නැති වේවි.

මයෙ හිත නිදහස් කර ගන්න කියලා එළියට ගියාට මොකද මන් දැක්කේ දර මඩුව පිටිපස්සේ සරමත් කැහැපොට ගහන් දර පලන මයෙ නිලූෂව. අපෙ අප්පේ ඊට ටිකක් එහාට්ට වෙන්න පොඩි පෝරිසාදයා එක්කහු කරලා තිබ්බ දර අරන් මඩුවට ගෙනහිල්ලා දානවා. මේ දෙන්නම එකයි. උඩට මෙලෝ ඇදුමක් වත් නැතුව යට කොටහා විතරක් යන්තම් වැහෙන්න ඇදුම් කෑල්ලක් පටලන්. මයෙ කොලූ පැටියටත් අලුතින් කලිසම් කෑලි ටිකක් අරන් දෙන්න වෙයි හිච්චි හිච්චි කලිසම් වල ඉලස්ටිකුත් ඇදිලා පහළට රූටන්න හදනවා.

” බේබී හාමු පැටියව ළගට ගත්ත නම් “

මාව දැක්ක හැටිය නිලූෂ වැඩේ කර කරාම පැටියා ගන්න කියලා බෙරිහන් දුන්නා.  බැරි වෙලා හරි කොල්ලයේ ඇගට දර කෑල්ලක් වත් විහික්කා වුනොතින් කාට කියලා කියන්නද.

” ඔය ඔක්කොම පලනවද “

ලොකු දර කොටන් තුන හතරකට පැලීගෙන යන්න තැනින් තැනට ලොකු යකඩ උල් ගහලා තිබුනා වෙද්දී පැත්තක පලලා දාපු තව පලන දර කොටන් කීපයක්ම තිබ්බා.

” ම් ඔ ව් බේබී. “

එයා දාඩියෙන්ම නෑවිලා මුලු ඇගම රත් ගැහිලා තිබුනා.

“ඉතින් ටික ටික පලලා දාන්නකෝ නිලූෂ”.

මන් එයාගෙන් උත්තරයක් ලැබෙනකන් බලන් හිටියත් එයා ඒ වෙනුවට දුන්නේ මට‍ මලානික හිනාවක්.

” ඈතට ගිහිල්ලා ඉන්න බේබී පැටියවත් අරන්. දර කෑල්ලක් විහික්කා වෙයි ඔයාලට.  “

මන් පැටියවත් අරන් කාමරේට ගිහිල්ලා ජනෙල් පඩිය උඩින් වාඩි වෙලා ඈතින් දර පලලා දාන එයා දිහා බලන් හිටියා. අපේ අප්පච්චි එයාගෙන් වත්තේ වැඩ විතරක් නෙවෙයි වගේ ගන්නේ වලව්වේ වෙන වෙන බර වැඩත් ගන්නවනේ.

” බේබී කෑම කන්න එන්න කිව්වා ලොකු හාමු “

එකත් පහුවෙලා තියෙනකොට මන් ගියේ පැටියවත් අරන් කෑම මේසෙට. දැන් කෑම මේසේ ඉන්නේ අපි හතර දෙනා විතරක් වෙද්දි කෑම මේසේ පාලුවට ගිහිල්ලා තිබ්බා. පුටුවකට තඩි කොට්ටයක් තියාපු මන් පැටියවත් ඒකෙන් වාඩි කරවලා පුංචි බත් පිගානක් ළගට දුන්නේ අතින් කන්න දෙන්න . ඊලග අවුරුද්දේ පෙර පාසල් යන්න ඉන්න ලොකු අයියෙක් නිසා තනියම එයාගේ වැඩ ටික කර ගන්න දැන ගන්නත් එපැයි.

“  පොඩි හෙටත් ළමයින්ට හවසට උගන්නන්නවද “

බත් කටක් අන අන අම්මා එහෙම අහද්දී අප්පච්චිත් මයෙ දිහා බැලුවේ හරි උවමනාවෙන්.

“  මොකක් හරි වැඩක් වැටුනොත් හවස් වෙනවා තමයි අම්මේ “

එතැනින් එහට්ට කිසිම කතාවක් නැතිවෙද්දී අපි ඔක්කොම පාඩුවේ කන්න ගත්තේ තාමත් මෙහාට්ට දර පලන සද්දේ ඇහෙද්දියි .

“  අප්පච්චි එළියේ දර පලන සද්දයක් ඇහෙන්නේ…. එයා කන්න එන්නැද්ද “

” ආ ඒ අර අප්පච්චිගෙ වත්තේ වැඩ කරන කොල්ලා පොඩි.  මන් මේ ඒකට කිව්වා දර ටිකක් පලපන් කියෙලා “

හොද ඩිංග තමයි අපෙ අම්මා පලන්න දීලා තියෙන්නේ.

” අම්මා ඉතින් එයාට කාලා ඉන්න කියන්න. නැත්තන් සෝමේ මාමට කිව්ව නම් à·„… “

” උබ ඒ ගැන මොකෝ ඔය හැටියට හිතට ගන්නේ ආ…  උබ නෙවෙයිනෙ දර පලන්නේ ඒකනෙ. කීයට හරි ඔය වැඩේ ඉවර කරලා ඒකා කෑම කයි කොයි වෙලේ හරි . උදේ ඉදන් බලන බලන සැරේට මේකව හුරතල් කර කර ඉන්නව නම් වත්තේ තියෙන දර ටික එක්කහු කරලා පලලා දාන්න බැරි මොකද.  ඔච්චර ලොකු ඇගක් තියාගෙන මෙතැන බබ්බු නලවන්න ඕන්නෑ නෙ නේද මහත්තයා.. අනික ඒකා අර කැම්පස් එකට යන නිසා මහ ලොකුවට තේ වත්තේ වැඩ කරන්නෙත් නෑ නෙ.  ඒත් අපෙ මහත්තයා ඒකට සල්ලි දෙනවා අනිත් අයට දෙ….”

” මැණිකේ  ඒකා තේ වත්තේ වැඩට එන්නෙ කොයි වෙලේද ඒකා ඒ වැඩ ටික හොදටම කරනවා. මොකද මන් එක එකා ගැන හොදට බලන් ඉන්නේ මැණිකේ  “

අපෙ අම්මා තමයි එහෙනම් අච්චර දර කන්දරාවක් මයෙ නිලූෂට තනියම පලන්න දීලා තියෙන්නේ.  මොකද ඒකනේ මයෙ පැටියගේ ළගට වෙලා මන් නැති කොට බලා ගන්නේ. ඒක බලන් ඉන්න බැරි කමටනේ අපේ අම්මා මෙහෙම කරලා තියෙන්නේ. ඒක තමයි නිලූෂ අර වෙලාවේ මොකුත් නොකිය මට හිනාවක් විතරක් දුන්නේ.
අම්මා දිහාවෙන් මූණ අයින් කරපු මන් ආයේ බැලුවේ අල කෑල්ලක් කටේ දා ගන්න හදන පැටියා දිහා.

මන් ඉස්සරහ ඔන්චිල්ලාවේ ඉද්දී හවස ගොම්මන වෙනකම් දර පලලා මඩුව ඇතුලටම දර ටිකත් දාපු නිලූෂ එනවා දැක්කේ ඇතුළට.  පොඩ්ඩගේ සෙල්ලම් බඩු ටිකක් පෙට්ටියට අහුරලා පැටියවත් අරගෙන මයෙ කාමරෙන් එයාව තියෙලා මන් කෙලින්ම ගියේ නිලූෂගෙ කාමරේට.

ලොක් කරලා නැති දොරත් ඇරන් ඇතුළට ගියපු මන් දැක්කේ ඇදෙ දිගා වෙලා ඇස් දෙක පියන් ඉන්න නිලූෂ ව.  දාඩියෙන් තෙත් වෙලා තියෙන ඒ ඔලුව ඇල්ලුවත් හරි එයා ඇස් දෙකත් ඇරලා ඇදෙ ඉද ගත්තේ භාගෙට ගැලවිලා තිබ්බ සරමත් හදා ගෙන  .

” අරහෙට්ට වෙන්න බේබී මන් ඇග නම් හේදුවේ නෑ දාඩිය සැර ඇති “

මට‍ හිනා ගියේ මයෙ නිලූෂ එහෙම කියද්දී. හිටගෙන හිටපු මන් මයෙ අත් දෙකෙන් ඒ රැවුල් කොට පිරුණු මූණ ඇල්ලුවේ ඒ මූණට හුස්මක්‌ දුරින් පාත් වෙලා.

” ඔහොන්ම ඉන්න මන් එනකම් මයෙ සත්සිදූ. “

ඒ නළලට මයෙ නළල තද කරන් එහෙම කියපු මන් ඒ රළු දෙතොලටත් සිපුමක් තියෙලා ගියේ කුස්සියේ පැත්තට.

“  පොඩි බේබී මොනවද ඔය හට්ටි ඇර ඇර බලන්නේ “

” නැන්දේ නිලූෂට බත් නැද්ද එයා දවල්ට තාම කෑවේ නෑ නෙ “

” පොඩි බේබී මන් අපි කද්දීම ඒ කොල්ලා නැති නිසා මැටි කෝප්පෙට බත් එකක් බෙදලා අයින් කරා නොවෑ . ඒකා දර පල පලමනේ හිටියේ බේබී “

කිරි කොසුයි බැදපු දුම් කරෝලයි තියෙන ඒ බත් පත ඇරන් ගියේ මන් නිලූෂගෙ කාමරේට.  අරන් ගියා විතරක් නෙවෙයි මයෙ අලි පැටියට බත් ගිල්ලන්නත් වුනේ මට.

අතීතයේ එක් දවසක්

” අ ක්කේ මයෙ පැටිය à·€ බලා ග.. “

එච්චරයි මයෙ නංගිට කියා ගන්න පුළුවන් වුනේ එයා එයාගේ අන්තිම හුස්මත් මේ වා තලේට නිදහස් කරේ එයාගේ බර මයෙ අත් උඩ ඉද්දී.  ඩොක්ටර්ස්ලා නංගිව බේර ගන්න කොච්චර උත්සහ කරත් එයා අවසානේ මෙයාව මට‍ භාර කරලා මැරිලා ගියා.

නිල් පාට පැනල් රෙද්දෙන් ඔතපු එයා තනිකරම රෝස පාටයි. ඇයි දන්නෑ මේ කන් කරච්චලේගේ ඇහැක් වපර.

මායි මමියි මේකවත් අරන් ගෙදර ගියා විතරයි මේකා ආයේ හූ තියන්න ගත්තා.

” ඇයි මේ මේකව ඉවරයක් කරන්නැතුව මෙහාට්ට ගෙනාවේ. අර පුතා මේකාව දැකලා කවුද කියලා ඇහැව්වොත් මොකද කරන්නේ ලොකු ආ…  දැන්ම මේකව විහික් කරපන් ලොකු… ”

දෙයියනේ කොච්චර මේකට අකමැති වුණත් ඩෑඩ් කියනවා වගේ කොහොමද කියන්නකෝ මන් මේකව මරන්නේ.

කෑ ගහන්න එපා මේ දරුවා කාට හරි දීලා දා .....

මොළේ හොද නැද්ද ආඑහෙම හිතුනු හිතුනු මනාපේට මූව දෙන්න ගියොත් අපි කොහොමද උන් අහන ප්‍රශ්න වලට උත්තර බදින්නේ “

අපෙ ඩෑඩ් ඒ පාර මමිට කෑ ගහන්න ගත්තා. ඩෑඩ් කියන කතාවෙත් ඇත්තක් නැතුවත් නෙවෙයි හැබැයි. මේවා නෙහස්ට කොහෙන් කොහෙන් හරි ආරංචි එහෙම වුනොත් මට‍ එයාව මෙදා පොටේ බදින්න බැරි වෙයි.  වලව් කාර හොද පෙනුමක් තියෙන නෙහස්ව මන් දැක්කේ අපෙ නංගිගේ මේසේ ලාච්චුවක්‌ ඇතුළේ තිබ්බ එයාගේ ෆොටෝ එකකින්. නංගියි මායි නිවුන්නෝ නිසා එයාට අපි දෙන්නව කොහොමත් අදුරන්න බැරි වෙයි.

මේ දරුවවත් එහෙන්ම ගත්තු මන් ගියේ අනාථ නිවාසයක් ඉස්සරහට. ටික වෙලාවක් වාහනේ ඇතුළේම හිටපු මන් ඒ පාර අයිනේ කට්ටිය කවුරුත් නැති වෙද්දී ළමයවත් අරන් පාරේ පැත්තකින් තියන්න හදද්දිම වගේ කවුරු හරිම මට කතා කරා. ඉක්මනට දරුවවත් අතට අරන් පිටි පස්ස හැරිලා බලද්දීම මන් දැක්කේ එයාව.

” ලෝරා මොකද මේ ළමයෙක් වඩන්.  කාගේද දරුවා “

” න් නෙ හස් මේ බලන්නකෝ කවුරු හරිම මේ ළමයා මේ පාර අයිනේ දාලා ගිහිල්ලා නෙ. මන් මේ නිවාසේ ඇතුළේ කාට හරිම දෙන්න කි යලා “

නෙහස් ගේ ඇස් මේ දරුවා දිහාවට වැටිලා තියෙද්දි මට‍ බය හිතුනා. දරුවා ළගට ආපු එයා ටික වෙලාවක් බලන් ඉදලා මයෙ අතින් දරුවව ගත්තේ දරුවත් ඇස් කරොක කරක නෙහස් දිහා බලද්දී.

” කොල්ලගේ ඇහැක් වපරයි නේද.. අපි මේ පැටියව හදා ගන්න ගමු ලෝරා. එපා නිසානේ එයාගේ දෙමව්පියෝ මේ අනාත නිවසක් ඉස්සරහා මෙහෙම දාලා තියෙන්නේ “

” පිස්සු ද නෙහස්. පිට ළමයෙක් නම් මට‍ නම් බෑ හදා ගන්න. අනික මන් ළමයි හදන්න කෑමති නෑ දැන්ම “

එයා මේකව හදා ගමුයි කියද්දී මයෙ කට නිකම්ම අරුනා.

” අ හා එහෙමද මන් හිතුවේ ඔයත් ළමයින්ට ආස ඇති කියලා “

” ඇත්තටම ඔයා මොකද මෙහෙ කරන්නේ “

” මන් පොඩි වැඩකට අරෝන්ගේ ගෙදර ගියා. එනින් ගමන් නෙ ඔයා මේ ළමයා වඩන් ඉන්නවා දැක්කේ. යමු ඇතුළට ළමයව දෙමු.   අනෙ මන්දා ලෝරා මේ පැටියා දිහා බලද්දී මට‍ හරි ලෝභයි දෙන්න “

” ඔයා ලෝභ වෙන්න එපා නෙහස්. පස්සේ අපේම කියලා බබෙක් හදා ගමු”

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ලා එන්නම් යාලූලා 💗💗

මයෙ ” කටු ඉඹුලත් ” කැමති නම් කියවලා බලන්න යාලූලා🙈🙈 🤗🤗🤗

බුදුසරණයි යාලූලා හැමෝටම🙏🙏

හැමෝගෙම අදහස් වලට ස්තුතියි ගොඩාරියක් 💗💗💗🤗🤗
වෝට් වලටත් ස්තුතියි ගොඩාරියක් යාලූලා 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗

………………………………………………………………

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිදෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 23